විදේශ කටයුතු ඇමැති අද මානව හිමිකම් සමුළුව අමතයි

විදේශ කටයුත අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය ඇමතීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබදව මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සමුළුව දැනුවත් කිරීමට නියමිත බව පැවැසේ.

තවද මෙරටට එරෙහි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට මාස 18 සිට 24 දක්‌වා කාලසීමාවක් ලබාදෙන ලෙස විදේශ අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටීමට නියමිතය.

ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ලබන මස 24 වන දා දක්වා පැවැත්වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top