ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙනවා – සීෂෙල්ස් ජනාධිපති

ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බව සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුරේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම රජය සමග බුද්ධි සේවා තොරතුරු හුවමාරු කරගැනීමෙන් මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි.

ශ‍්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරත සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුරේ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණා. එහිදි ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය විරෝධී සටනට මිත‍්‍ර රාජ්‍යයක සහාය හිමිවිම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදි ප‍්‍රකාශ කළා. මත් විරෝධි සටනට සියලු මිතුරු රාජ්‍යයන් එක් විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top