SRILANKAN NEWS

කිලිනොච්චිය මහා විද්‍යාලයට අයත් ඉඩමද නිදහස් කරනු ලැබේ – කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම්

කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය මහා විද්‍යාලයට අයත් ඉඩමද නිදහස් කිරීමට නියමිතය. ඊයේ (28) දින තමන් ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් නිරීක්‍ෂණය කළ බව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම් මහතා පවසා තිබේ.

කිලිනොච්චිය නගරයේ 571 වන බල සේනාව යටතේ තිබෙන ඉකුත් ඉඩම තම ප්‍රාථමික අංශයට අයත් ඉඩමක් බවත් එය යළි ලබා දෙන ලෙස කිලිනොච්චිය මහා විද්‍යාල ප්‍රජාව විසින් උතුරු පළාත් මහ ඇමැතිවරයා ඇතුළු ඉහළ නිළධාරින්ගෙන් ඉල්ලා තිබුණි.

මෙවැනි තත්වයකදී ඉකුත් ඉඩම නිදහස් කිරීමට සූදානම් බව හමුදාව විසින් තමන්ට දැනුම් දී ඇති බවත්, ඉකුත් ඉඩමට තමන් ඇතුළු කණ්ඩායමක් ගොස් නිරීක්‍ෂණය කළ බව දිස්ත්‍රික්ක ලේකම්වරයා පවසා තිබේ. ඉකුත් ඉඩමේ මිනුම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය කලාප අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවට භාරදීමට කටයුතු කරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.