ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයකුට අයත් ඩොලර් ලක්ෂ දෙකක් ලබා ගත් බවට චෝදනා එල්ල වී සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට එරෙහිව සාක්ෂි දීම සඳහා එම ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයා ඊයේ (01) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රැඩ් සැඩික් නම් ව්‍යාපාරිකයා සතු මුදල් මෙලෙස ව්‍යාජ ලෙස ලබා ගෙන ඇති බවට උදය ගම්මන්පිලට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් සිඩ්නි ජයසිංහ මහතා සමග එක්ව ලංකාවේ යකඩ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය බවත් එහි සේවකයින් 400ක් පමණ සිටි බවත් ඔවුන් අතර උදය ගම්මන්පිල මහතාද සිටි බවයි.
තමන්ට අයත් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක මුදල් කිසිවකු විසින් හෝ වංචනික ලෙස ලබා ගෙන ඇති බව පෑන් ඒෂියා බැංකුවේ නිලධාරීනියක් තමාට දැනුම් දුන්නේ යැයිද මෙම නඩුව වෙනුවෙන්ම සාක්කි දෙමින් ඔහු පවසා තිබේ.
Add Comment