නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාණ්ඩර් චමින්ද වළාකුළුගේ මහතා සඳහන් කළේ ය.
ටෝලර් යාත්‍රා දෙකකින් ධීවර කටයුතුවල නිරතව සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරය නාවික හමුදා වරාය වෙත රැගෙන එමින් පවතින බව ද නාවික හමුදාව සඳහන් කළේය.