රවිරාජ් ඝාතන නඩුවේ අභියාචනය යළිත් අභියාචනාධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය, අභියාචනාධිකරණය හමුවේ ඊයේ (3) යළි සලකා බැලිණි.

අභියාචනාධිකරණ විනිසුරු, ලලිත් ජයසුරිය මහතා නියෝග කළේ, ඝාතන සිද්ධියේ දෙවන විත්තිකාර නාවික හමුදා ලුතිනන් චන්දන කුමාර හෙට්ටිආරච්චි මහතාට යළි නොතිසි නිකුත් කරන ලෙස ය.

අදාළ වගඋත්තරකරුට යොමු කළ නොතිසිය ආපසු පැමිණිලිකාර පාර්ශවයට ලැබී ඇති බව නීතිඥ එම්.ඒ. සුමන්දිරම් මහතා අධිකරණය හමුවේ පැවසීමෙන් පසුව එම නියෝගය නිකුත් කෙරිණි.

පෙත්සම ලබන 31වන දා යළි කැඳවීමට නියමිත ය.

නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඔහුගේ බිරිඳ වන ශසිකලා නඩරාජා මහත්මිය විසින් මෙම අභියාචනය ගොනු කර තිබේ.

මහාධිකරණය පසුගිය දා තීරණය කළේ, රවිරාජ් ඝාතන නඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරුවන් 5දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top