උද්ඝෝෂකයන්ව මගහැර ජනපති වෙනත් මාර්ගයකින් යයි..

යාපනයේ උද්ඝෝෂකයන්ව මගහැර ජනපති වෙනත් මාර්ගයකින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයට ගොස් තිබේ. යාපනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ පිහිටුවා ඇති ‘ජනපතිට පවසන්න‘ කාර්‍යාලය විවෘත කිරීමට නියමිතය.

ජනපතිගේ පැමිණීම පෙරටු කර අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් අද දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද ආරම්භ කර තිබුණි.

මේ අතර, රැකියා විරහිත උපාධිධාරීන් ද යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට අද හය වන දිනටත් සිය විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිටිති. මෙවැනි තත්වයකදී යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටා ඇති උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්‍යාලයට ජනාධිපතිවරයා වෙනත් මාර්ගයකින් පැමිණ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top