ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

ශ්‍රී ලංකාවට පැමීණීමට නියමිතව සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රීස්ටීන් ලගාඩ් මහත්මිය සිය සංචාරය කල්දමා ඇති බව වාර්තාවේ. ඇයගේ ශ්‍රී ලංකා සංචාරය මේ මස තුළ සිදුකිරීමට නියමිතව තිබුණි.

ලගාඩ් මහත්මියගේ රාජකාරී කාල සටහනේ සිදුවූ නොවැළැක්විය හැකි සංශෝධනයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ බව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රකාශකයෙකු නිවේනදයක් නිකුත් කරමින් පවසා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල්වලින් ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ක්‍රීස්ටීන් ලගාඩ් මහත්මිය නුදුරු දිනක ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top