විදුහල්පතිවරුන්ට යළි හමුදා පුහුණුව

වර්තමාන ආණ්ඩුවද විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව දකුණු පළාතේ පාසල් විදුහල්පතිවරුන්ට මේ මස 22 වැනිදා සිට මෙම පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදී කර්නල් තනතුරු ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂය ඊට දැඩි  විරෝධය දැක්වූ බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

එහෙත් වර්තමාන ආණ්ඩුවද එම පාරේ යමින් විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top