SRILANKAN NEWS

තනතුරු ගැන කලකිරීමට පත්වී සිටින ගෝඨාබය රාජපක්‍ෂ

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඪාබය රාජපක්‍ෂ මහතා තනතුරු කෙරෙහි කළකිරීමට පත්වී සිටියි. ඉදිරියේදී පත්වන රජයක කිසිදු තනතුරක්‌ ලබාගැනීමට අපේක්‍ෂා නොකරන බව හෙතෙම පවසා තිබේ.

පසුගියදා බොරලැස්‌ගමුවේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ඉදිරියේදී පත්වන රජයක කිසිදු තනතුරක්‌ ලබාගැනීමට අපේක්‍ෂා නොකරන බවත්, වියතුන් රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ වුවද දේශපාලනඥයකු වීම අවශ්‍ය නොවන බැවින් රට යහපත් මාර්ගයට ගෙන ඒම සඳහා වියතුන් සමඟ එක්‌ව ක්‍රමවේදයක්‌ සකස්‌ කරන බව ද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.