දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම සහ මූලික ප්‍රශ්ණ සම්බන්ධයෙන් ඇමරිකාවේ සහාය අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප් මහතා වෙත තමන් පෙන්වාදුන් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.
ඊයේ දින යාපනයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප් මහතා ඇතුළු නියෝජිතයන් පිරිස ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ව හමුවී සාකච්ඡා කළහ.
අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ආර්. සම්බන්ධන් මහතා මේ බව පවසා සිටියේය. මෙම සාකච්ඡා හමුව ඉතා ප්‍රයෝජනවත් ලෙස පැවැත්වුණි. දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඇමරිකාව දිගටම සහාය ලබා දෙමින් සිටියි.
ඒ අනුව 2012 සිට 2015 දක්වා යෝජනා රැසක් සම්මත කර තිබේ. දෙමළ ජනතාවගේ අභිලාෂවලට සරිලන විසඳුමක් ලබාදීමටත්, අතුරුදන්වූවන්, නැවත පදිංචිය, දෙමළ දේශපාලන රැඳවියන්, යුද්දයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවල්හි සහාය අපට දිගටම අවශ්‍ය බව ඉල්ලා සිටින්නෙමු යැයි සම්බන්ධන් මහතා පවසා සිටියේය.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීරුවන් වන මාවයි සේනාදිරාජා, සි. ශ්‍රී දරන්, ත. සිද්ධාර්තන් ඇතුළු පිරිසක් සහභාගිවූහ.
Add Comment