SRILANKAN NEWS

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව, අද (07) ආරම්භ වෙයි.

ඉන්දියානු සගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සගරයට මායිම් වූ රටවල සංවිධානයේ 20 වැනි සංවත්සර සැමරුමට සමගමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු සාගරය සාමකාමී ස්ථාවාර හා සෞභාග්‍යමත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම යන තේමාව මුල් කර ගනිමින් අද ආරම්භ වන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතීමටද නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා විසින් දෙරට අතර ධීවර හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබද ගිවිසුම් දෙකකට ද අත්සන් කිරීමට නියමිතව ඇති අතර සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසුව ජනාධිපතිවරයා විසින් විශේෂ දේශනය පැවැත්වීමට නියමිතව ඇත.