ඉන්දිය ධීවරයන්ට වෙඩි තැබුවේ නැහැ – නාවික හමුදාව

ඉන්දිය ධීවර යාත්‍රාවලට ශ්‍රී ලංකා නාවික හමුදාව කළ වෙඩි තැබීමකින් ඉන්දිය ධීවරයෙකු මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය පළ කර ඇති පුවත ශ්‍රී ලංකා නාවික හමුදාව තරයෙන් ප්‍රතික්‍ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පවසයි.

පසුගිය 6 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් රාමේස්වරම් ප්‍රදේශයේ ධීවරයෙකු මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී තවත් ධීවරයන් තිදෙනෙකු තුවාල ලැබූ බව සදහන් කර තිබුණි. කෙසේ නමුත් එවැනි කිසිඳු ප්‍රහාරයක් සිදුකර නැති බව ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top