SRILANKAN NEWS

කාන්ගසන්තුරයි ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කිරීම සඳහා වූ ලිපිය ලැබී ඇත..

කාන්ගසන්තුරයි ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන අක්කර 29ක ඉඩම් නිදහස් කිරීම සඳහා වූ ලිපිය, ආරක්‍ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයාගෙන් ලැබී ඇති බව යාපනය දිස්ත්‍රික්ක ලේකම් නා. වේදනායකම් මහතා පවසයි.

ඊයේ (6) දින මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් වේදනායකම් මහතා මේ බව පවසා තිබේ.

ඉකුත් ඉඩම් ලබන අප්‍රේල් මස 10වනදාට පෙර එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට නියමිත බවත්, එහිදී කාන්ගසන්තුරයි තල්සෙවන සංචාරක හෝටලය සහ ඌරනි ප්‍රදේශයේ නිදහස් කරන ලද තවකාලික ජැටිය පිහිටා තිබෙන ප්‍රදේශයටත් අතරවූ අක්කර 29ක ඉඩම් ද ඇතුලත් බව පවසා තිබේ.

තවද මෙම ඉඩම් ප්‍රමාණය නිදහස් කිරීම තුළින් ධීවර පවුල් 250ක ජීවිත නැවත සාමාන්ය තත්වයට පැමිණෙු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.