SRILANKAN NEWS

ඇමතිවරුන්ට වාහන ගැනීමට පරිපූරක ඇස්මේන්තුවක් පාර්ලිමෙන්තුවට

අමාත්‍යවරුන් සඳහා වාහන මිලදී ගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (7) පාර්ලමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඇමැතිවරුන් 07 දෙනකුට රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට හා නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් නව කෝටි හතළිස් නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක (රු 494,962,790) මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙලෙස පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා වාහන 25ක් මිලදී ගැනීම සඳහා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන් කර ගැනීමට නියමිත ය.

එමගින් අපේක්ෂිත වියදම් සීමාවන් ඉක්මවා නොයන බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් ය.