SRILANKAN NEWS

ජනාධිපති හා අගමැතිගේ වත්කම් – බැරකම් තොරතුරු ලැබුණේ නැහැ – ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල්

ජනාධිපති හා අගමැතිගේ වත්කම් – බැරකම් තොරතුරු නොලැබුණු බව ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ වත්කම් – බැරකම් පිළිබඳව තොරතුරු ලබාගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව එම ආයතනය සඳහන් කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ලබැගැනීමට හැකියාව පැවතියද එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එම තොරතුරු ලබා ගැනීම සඳහා නැවතත් අභියාචනා කිරීමට කටයුතු කරන බව ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකරු සංකිතා ගුණරත්න මහත්මිය පවසා තිබේ.