පානීය ජල ප්‍රශ්ණය ගැන කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් උතුරු පළාත් සභාව..

යාපනයේ පවතින ජල ප්‍රශ්ණයට විසඳුමක් ලබාදීමේ අරමුණින් පසුගිය වසර තුනකට පෙර උතුරු පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්‍ධයෙන් පළාත් සභාව විසින් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

යාපනයේ පවතින පානීය ජල ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඉරණමඩු සැලස්ම, මුහුදු ජලය පානීය ජලය බවට පත්කිරීමේ සැලස්ම, ආරුමුහම් සැලස්ම වැන යෝජනා තුනක් ඉදිරිපත් කර තිබුණි. ඉරණමඩු සැලස්ම කිලිනොච්චිය ජනතාවගේ විරෝධය නිසා සහ මුහුදු ජලය පානීය ජලය බවට පත්කිරීමේ සැලස්ම වඩමරාච්චිය ජනතාවගේ විරෝධය නිසා ද අතහැර දැමුණි.

මෙවැනි තත්වයකදී පසුගිය 2014.04.28 වනදා උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පො. අයියන්කරනේසන් මහතා, යාපනයේ තිබෙන ජලාධාර ප්‍රදේශයන් නිසි ලෙස කළමණාකරන කිරීම තුළින් යාපනයේ පවතින ජල ප්‍රශ්ණයට විසඳුමක් ලබාදිය හැකි බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එහිදී සභාපති සි.වී.කේ, සිවඥානම් මහතා මෙය ව්‍යාපෘති යෝජනාවක් බැවින් මේ සම්බන්‍ධයෙන් පසුව සොයා බලා විවාදය කර තීරණයකට එළඹෙමු යැයි පවසා තිබුණි. දැනට වසර තුනක් අවසන්වූ නමුත් එම යෝජනාව ගැන හෝ වත්මන් තත්වය ගැන ද කිසිඳු තොරතුරක් පවසා නොමැත.

උතුරු පළාතේ පවතින පානීය ජල ප්‍රශ්ණය ගැන ඊයේ දින උතුරු පළාත් සභාවේ විශේෂ සැසිවාරයක් පවත්වා තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top