SRILANKAN NEWS

කඳවුරු ජීවිතයට වඩා අයහපත් ජීවිතයක් ගත කරනවා – පන්නන්කන්ඩි ජනතාව

අවතැන්ව ගොස් කඳවුරුවල ජීවත්වූ ජීවිතයට වඩා දැන් අපේම ප්‍රදේශවල ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටින බව කිලිනොච්චිය පන්නක්කන්ඩි ප්‍රදේශයේ අද හය වන දිනටත් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින ජනතාව පවසති.

ඉඩම් ඔප්පුව, නිවාස ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් ඉල්ලා මෙලෙස විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින ජනතාව වැඩිදුරටත් පවසා සිටින්නේ,

දකුණේ ඇතිවූ ජාති සංහාරය හේතුවෙන් මෙහි පැමිණි අපිව විවිද ප්‍රදේශවල පදිංචි කළ අතර, පන්නන්කන්ඩි ප්‍රදේශයේ 1990 සිට ජීවත්වන්නෙමු, අපි අවතැන්ව ගොස් කඳවුරුවල ජීවත්වූ විට පානීය ජලය, වැසිකිළි පහසුකම් ඇතුළු සියළු පහසුකම් සපයා දී තිබුණි. නමුත් මෙහි කිසිවක් නොමැති බව එම ජනතාව පවසා තිබේ.

1990 වසරේ සිට මෙලෙස දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටින බැවින් අදාළ බළධාරින් මේ සම්බන්‍ධයෙන් අවධානය යොමු කර යටිතල පහසුකම් සපයාදීමට පියවර ගත යුතු යැයි ඉල්ලා තිබේ.