පන්නංකන්ඩි ජනතාවගේ ඉල්ලීම සාධාරණීයයි – චන්ද්‍රකුමාර්

කිලිනොච්චිය, කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් පන්නංකන්ඩි ප්‍රදේශයේ ජනතාව ඉඩම් අවසර පත්‍රය, නිවාස ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් ඉල්ලා පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරය සාධාරණීය බවත්, ඔවුන්ගේ ගැටළුවලට විසඳුමක් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී මුරුකේසු චන්ද්‍රකුමාර් පවසයි.

සතියකට ආසන්න කාලයක් විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටින පන්නංකන්ඩි ප්‍රදේශවාසීන්ව පසුගිය බ්‍රහස්පතින්දා දින හමුවූ චන්ද්‍රකුමාර් මේ බව පවසා සිටියේය.

පන්නංකන්ඩි ජනතාවගේ ඉල්ලීම් ඇතුළු ගැටළු සම්බන්‍ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට තමන්ට කළ හැකි සියළු සහාය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top