රටේ දශක තුනක කාලයක් පැවැති යුද්දය හේතුවෙන් ජනතාව ජීවත්වූ ප්‍රදේශයන් හමුදා කඳවුරු බවට පත්කිරීමට සිදුවුණි. එය හැකි පමණින් ජනතාවට නිදහස් කර දීමට පියවර ගන්නෙමු යැයි යාපනය දිස්ත්‍රික්ක භාර යුදහමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා තිබේ.
කාන්ගසන්තුරයි සංහිඳියාපුර ප්‍රදේශයේ ඉදිකරන ලද දෙවන නිවාස ව්‍යාපෘතිය ඊයේ (10) දින ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගිවෙමින් මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පවසා තිබේ.
යුද්දය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ හමුදාව විසින් අත්පත් කළ ඉඩම් යුද්දය අවසන්වීමත් සමඟ 2009 සිට අදියර 13කින් නිදහස් කර තිබෙනවා, ඌරනි ප්‍රදේශයේ ධීවරයන් සඳහා නිදහස් කළ ජැටිය අලුත්වැඩියා කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 4.5ක මුදලක් වෙන්කර තිබේ. එම ජැටිය ද නාවික හමුදාවේ සහාය ඇතිව කඩිනමින් අලුත්වැඩියා කිරීමට නියමිත බව මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත පවසා තිබේ.
Add Comment