දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් අතර අද දින වව්නියාවේදී සාකච්ඡා හමුවක් පැවැත්වේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්දේශයන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ සම්මත කරන ලද යෝජනාව ගැන මෙහිදී සාකච්ඡා කරන බව පැවැසේ.