බුද්ධාගමට හිමි ස්ථානය වෙනස් නොවිය යුතුයි – මහින්ද

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී බුද්ධාගමට හිමි ස්ථානය වෙනස් නොවිය යුතු බවට තමන් විශ්වාසය පළ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා පවසයි.
ගලඋඩ ශ්‍රී ධර්මවිජය විහාරස්ථානයේ විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර ඇතැම් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
– adaderana.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top