SRILANKAN NEWS

මෙවර කච්චතිව් දේව මංගල්‍යට ඉන්දිය බැතිමතුන් පැමිණියේ නැහැ..

ඊයේ දින උත්කර්ෂවත් ලෙස ආරම්භ වූ කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයට ඉන්දිය බැතිමතුන් සහභාගිවී නොමැත. ශාන්ත අන්තෝනි දේවාලයේ දෙවිදුන්ගේ වාර්ෂික මංගල්‍යය අතීතයේ සිටම ඉන්දීය සහ ශ්‍රී ලංකා බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම සාමාන්‍ය කටයුත්තකි. මෙවර වාර්ෂික මංගල්‍යට 5 දාහකට අධික ඉන්දිය බැතිමතුන් සහභාගි වනු ඇති බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඉන්දීය සහ ශ්‍රී ලංකා බැතිමතුන්ගේ දහ දාහක් පමණ මෙවර මංගල්‍යට සහභාගි වනු ඇති බවට බලාපොරොත්තු වූ නමුත්, ඉන්දිය බැතිමතුන් මෙවර මංගල්‍යට සහභාගි නොවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දිම වලාකුළුගේ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව නව‍ දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව දේව මංගල්‍යය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, යුද්ධය අවසන් වීමෙන් පසු කච්චතිව්හි ශාන්ත ආනා දෙව් මැදුරේ වාර්ෂික දේව මෙහෙය පවත්වන 7 වන අවස්ථාව මෙය වේ.