සිවාජිලිංගම් ජනීවා නුවර යයි ?

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ජිනීවා නුවර යෑමට ඇති බව වාර්තාවේ.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජිනීවා නුවර යෑමට නියමිත බව හෙතෙම පවසා තිබේ.

යුද්දයෙන් පීඩාවට පත්වී දේශපාලන විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින උතුරේ ජනතාව නියෝජනය කරමින් තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top