ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමකින් ඝාතනයට පත්වූ බව කියන ධීවරයාගේ මළ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර හය වන දිනටත් විරෝධතා..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩි තැබීමකින් ඝාතනයට පත්වූ බව කියන පිරිට්ජෝ නැමැති ධීවරයාගේ මළසිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කරමින් තමිල්නාඩු, තංකච්චිමඩම් ප්‍රදේශයේ ධීවරයන් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරය අද හය වන දිනටත් පැවැත්වේ.

නිසි සාධාරණයක් ලබාදිය යුතු යැයි ඉල්ලා මළ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ දෙමව්පියන් සහ තංකච්චිමඩම් ප්‍රදේශයේ ධීවරයන් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අතර, ඊයේ දින මු.ක. ස්ටෑලින්, ඔ. පන්නීර්සෙල්වම්, ජවාහිරුල්ලා යන දේශපාලන නායකයන් එම ජනතාව හමුවී සහාය පළ කර තිබේ.

එහිදී අදහස් ප්‍රකාශ කළ මු.ක. ස්ටෑලින්, තමිල්නාඩු ධීවරයෙකුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ගැන ඉන්දිය මධ්‍යම රජය හෙලා නොදැකීම සහ තමිල්නාඩු රජය නිසි බලපෑමක් සිදු නොකිරීම හෙලා දැකිය යුතු බවත්, ධීවරයන්ගේ ගැටළුවට විසඳුමක් ලබා ගැනීමට නම් කච්චතිව් දූපත නිදහස් කරගත යුතු බව ද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top