උද්ඝෝෂණය කිරීමට වෙනම තැනක් ලබාදීමට රජය තීරණය කරයි –

උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙනම ස්ථාන ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා මේ බව පවසා තිබේ. උද්ඝෝෂණ සිදුකිරීම තුළින් ජනතාවට සිදුවන හිරිහැර අවම කිරීමේ අරමුණින් මෙලෙස පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, වසරේ ගත වූ මාස 2 ක තුළ කොළඹ නගරයේ පමණක් විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් උද්ඝෝෂණ හා පෙළපාළි 49 ක් පවත්වා ඇතැයි පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top