කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තව ත් අයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති බව ය.
මිය ගොස් ඇත්තේ වයස 18 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබේ.