කේප්පාපිලවු ජනතාවගේ සත්‍යග්‍රහය අත්හිටුවයි..

මුල්ලතිව් කේප්පාපිලවු ප්‍රදේශයේ නිදහස් නොකළ අක්කර 482ක ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු පූර්වීක ගම්මානයේ ජනතාව අද තෙවන දිනටත් පවත්වාගෙන ගිය සත්‍යග්‍රහය අත්හිටුවා තිබේ.

කෙසේ නමුත් විරෝධතා ව්‍යාපාරය තවඳුරටත් පවත්වාගෙන යන බව එම ජනතා පවසා තිබේ. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සී. ශ්‍රීදරන්, සාන්දි ශ්‍රීස්කන්දරාජා, සහ උතුරු පළාත් සභාවේ උප සභාපති කමලේස්වරන් යන අය විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට ගොස් එම ජනතාව සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව පැවැසේ.

පසුගිය 1 වනදා සිට තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය සෙනසුරාදා දින සිට ආහාර වර්ජනය කරමින් සත්‍යග්‍රහයක් බවට වෙනස්වී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top