රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි – යුරෝපා සංගමය

රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව යුරෝපා සංගමය ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා රජය මානව හිමිකම්, රැකියා අයිතිවාසිකම් සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පි. පිලස් බදු සහනය ලබාදීම ගැන ඉදිරියදී යුරෝපා සංගමය විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම, සංහිඳියා වැඩපිළිවල ඇතුළු පොරොන්දු සියල්ල රජය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි අවධාරණය කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජය සහ, යුරෝපා සංගමය එකඟතාවයක් මත ක්‍රියාත්මක වන බවට මාධ්‍ය නිවේදනයක සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top