බිම්බෝම්බ ඉවත් කර නැවැත පදිංචිය කඩිනම් කරන්න – ඉත්තාවිල් ජනතාවගෙන් ඉල්ලීමක්

කිලිනොච්චිය – පච්චිලයිපල්ලි, ඉත්තාවිල් ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කර නැවැත පදිංචිය කඩිනම් කරන්නැයි එම ප්‍රදේශයේ ජනතාව අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ඉත්තාවිල් උතුර ප්‍රදේශයේ බිම් බෝම්බ හේතුවෙන් පවුල් 75කට අයත් ජනතාවට නැවැත පදිංචිවීමට නොහැකිවී ඇති බවත්, එම ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත්කර නැවැත පදිංචිවීමට පියවර ගන්නා ලෙස එම ජනතාව ඉල්ලා සිටිති.

මෙවැනි තත්වයකදී, ජනතාව නැවැත පදිංචි කළ ඉත්තාවිල්, මුහමාලයි ප්‍රදේශයේ මාර්ග අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ප්‍රවාහන කටයුතුවල ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top