සෝමාලියාව මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි

සොමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පසුගිය සඳුදා (මාර්තු 13) පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන  නෞකාවේ සිටි පිරිස මුදාහැරීමට මේ වන විට කම්පම් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

නෞකාවේ කපිතාන්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට හැකිවූ බව  මුහුදු කොල්ලකෑම් මැඬලීම සඳහා වන යුරෝපා හවුලේ නාවික හමුදාව තහවුරු කර තිබේ.

මේ වන විට බහරෙන්හි ස්ථාපිත කර ඇති ඇමරිකානු නාවික හමුදා පස්වන බලඇණිය විසින් සමුදුරු ආරක්ෂක කටයුතු වෙනුවෙන් එම ප්‍රදේශයට භට පිරිස් පිටත් කර ඇති බවටද වාර්තා වේ.

2012 වසරට පසුව සෝමාලියානු මුහුදු තිරයේදී වෙළඳ නෞකාවක් පැහැරගනීමට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top