බැසිල් රාජපක්‍ෂට ඇප

2014 වසරේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රුපියල් කෝටි දෙකක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණයේ ඊයේ (15) අධි චෝදනා ගොනු කර තිබේ.

ඔහුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 05 බැගින් වු ශරිර ඇප දෙකක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කර ඇත.

ඇඟිලි සළකුණු ලබා ගැනිමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. නඩු විභාගය තීරණය කිරිමට නැවත මැයි 24 වැනිදා නඩුව කැඳවිමට අධිකරණය තීරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top