හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක් ඇතුළු සිව් දෙනෙකු රක්‍ෂිත බන්‍ධනාගාරයට

වැල්ලවාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකාව සහ හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සිව් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලීසිය පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු මේ අතර සිටින බවය.

ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ර ඇත.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ දුරකථන ඇමතුමක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දමිළ ජාතික කාන්තාව එල්.ටී.ටී.ඊ සංවිධානයේ කටයුතු කරමින් සිට පසුව පුනරුත්තාපනය ලබා මහින්ද රාජපක්ෂ සමයේ නිදහස ලැබූ අයෙකු බව සඳහන්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top