SRILANKAN NEWS

දකුණු කොරියානු විදේශ ඇමැති ජනපති හමුවෙයි..

දකුණු කොරියානු විදේශ අමාත්‍ය Yun Byung-se මහතා ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ශ්‍රී ලංකා – කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට වසර 40ක් පිරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.