SRILANKAN NEWS

යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර පුණ්‍යාධාර සංවිධානයක සහාය

මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව ඉදිකිරීමට යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට ජාත්‍යන්තර පුණ්‍යාධාර සංවිධානයක් වන 2OR සංවිධානය කැමැත්ත පළ කරයි.

එහි සභාපති, ඕස්ටේ‍්‍රලියානු පෙරදිග ගුවන්විදුලි හා රූපවාහිනි සමාගමේ සභාපති Jun Hong Lu මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බව පැවැසේ.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධාගමික කටයුතුවල දියුණුව සඳහා තම සංවිධානය මගින් ලබාදිය යුතු දායකත්වය පිළිබඳ මෙහිදී නියෝජිත පිරිස ජනපතිවරයාගෙන් උපදෙස් විමසු අතර තම සංවිධානය ලොව පුරා රටවල් 40 ක බෞද්ධ සුබසාධන සංවිධාන සමග සම්බන්ධව කටයුතු කරන බවත්, තම අරමුණ බුදු දහම ලොව පුරා පැතිරවීම සඳහා කි‍්‍රයාකිරීම බවත් සඳහන් කර තිබේ.

එමෙන්ම විශේෂයෙන් තරුණ පරපුර අතර බුදු දහම ව්‍යාප්ත කරමින් ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් උසස් මට්ටමට ගෙන ඒම තම සංවිධානයේ ප‍්‍රමුඛ අරමුණක් බව ද කියා සිටියහ.