අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියදී අද 27වන දිනටත් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට අද දින යාපනය විශ්ව විද්‍යාලයේ වානිජ අංශ සිසුන් ද සහාය පළ කිරීමේ අයුරින් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයට පැමිණ සහාය ලබාදී තිබේ.
තවද කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් වෙත භාරදීම සඳහා වූ සංදේශයක් ද කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ සංගමේ සභාපති කලාරන්චනී වෙත භාරදී තිබේ.
මේ අතර, මෙම විරෝධතාවයට කඩිනමින් විසඳුමක් ලැබිය යුතු බවත්, විසඳුමක් ලැබෙන තෙක් සිය සහාය ලබා දෙන බව සරසවි සිසුන් පවසා තිබේ.