අවිස්සාවේල්ලේ රිය අනතුරකින් 16 කට තුවාල

අවිස්සාවේල්ල, ඌරුපැලටිය ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසක් ගමන්ගත් වෑන් රථයක් අඩි 50 ක පමණ ප‍්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් අට දෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකුද වනවා.

ඔවුන් කෑගල්ල සහ දැරණියගල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි සැක කෙරෙන්නේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top