පක්ෂයේ විනය නීති දැඩි ලෙස උල්ලංඝනය කර ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ක්රියා කරන මන්ත්රීවරු පනස් එක් දෙනාගේ ආසන සංවිධායක ධූර සහ මන්ත්රීධුර අහෝසී විය හැකි බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති නිල නිවසේ ඊයේ දින පැවැති දිස්ත්රික්ක සංවිධායකවරුන් 41 දෙනෙකු සඳහා නව පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
පක්ෂයක් දෙකඩ කර ආණ්ඩු බලයක් ලබා ගත් පක්ෂයක් පිළිබඳ දේශපාලන ඉතිහාසයේ සටහන් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණි දිසානායක මහත්වරු එක්සත් ජාතික පක්ෂය කැඩීමෙන් එජාපයට සිදුවූ පරිහානිය උදාහරණයක් ලෙස ගෙන හැර දැක්වීය හැකි බව ද පෙන්වාදී තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ‘අත ලකුණින්’ තරග කිරීමට අපේක්ෂා කරන බවත් එය ජයග්රාහි මාවතකට රැගෙන යෑම තම අරමුණ බවත් ජනාධිපත්වරයා පවසා තිබේ.
වසර 2020 දී ආණ්ඩු බලයක් ලබා ගැනීම සඳහා පක්ෂය මෙහෙයවීම තමාගේ ඒකායන අරමුණ බව පැහැදිලි කළ ජනාධිපතිවරයා දශක හතරකට වඩා වැඩි කාලයක් පක්ෂයේ ක්රියාකාරී දේශපාලනයේ නියුතු තමා පක්ෂයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ මැනවින් දන්නා බව ද පවසා තිබේ.
Add Comment