වතුකරයේ පාසැල් වලට විශ්‍රාමික ගුරුවරුන් අනුයුක්ත කිරීමට කැබිනට් අනුමැතිය

වතුකරයේ පාසැල් තුළ පවතින ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවලට කඩිනමින් විසඳුමක් ලබාදීමේ අරමුණින් විශ‍්‍රාමික ගුරුවරුන් ගිව්සුම් යටතේ වතුකර පාසැල්වලට පමණක් නැවත බදවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධකි‍්‍රෂ්ණන් මහතා පවසයි.

බොගවන්තලාව කෙර්ක්ස්වෝල්ට් දෙමළ විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

තවද එම ගුරුවරුන් පළාත් සභාව හරහා තෝරා ගැනීම සඳහා වූ චක්‍රලේඛණය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළාත් සභාවලට යවා ඇති බවත් ඒ අනුව රටේ ඔනෑම පළාතක සිටින ගණිතය, විද්‍යාව, සහ ඉංග්‍රීසි විෂයන් ඉගැන්විය හැකි විශ්‍රාමික ගුරුවරුන් පළාත් සභාව හරහා අයඳුම්කළ හැකි බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top