SRILANKAN NEWS

ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

කූඨ ලේඛන සැකසීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාලව ජූලි මස 17 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි අද සිතාසි නිකුත් කර තිබේ.

අදාළ නඩුවේ පැමිණිලිකරුවන් වන ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස යළි සිතාසි නිකුත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරචිචි මහතා, එම නඩුව ජූලි මස 17 වන දින සිට 28 වනදා දක්වා දිනපතා විභාග කිරීමට ද නියෝග කර තිබේ.