සම්බන්‍ධන්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඊයේ ඉරිදා දින සවස සිට විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පසුගිය දින 15ක් තිස්සේ, නැගෛනහිර පළාත් ආණ්ඩුකාර සේවා කාර්‍යාලය ඉදිරිපිට චක්රීය සත්‍යග්‍රහයක නිරතවන අතර, ඊයේ ඉරිදා දින සිට ත්‍රිකුණාමලය තැපැල් කාර්‍යාල මාර්ගයේ පිහිටි විපක්‍ෂ නායකවරයාගේ නිවස ඉදිරිපිට එක්රැස්වූහ.

මේ අතර, සම්බන්‍ධන් මහතා වෙනත් උත්සවයක් සඳහා පිටත්ව ගොස් ඇති හෙයින් විරෝධතාකරුවන් ඔහු පැමිණෙන තෙක් බලා සිටිති. විපක්‍ෂ නායකවරයාගෙන් තමන්ට සාධනීය පිළිතුරක් නොලැබුණේ නම් සිය විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් සංගමයේ සභාපති ආශා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top