අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ සම්බන්‍ධන් සාකච්ඡා කරයි..

ත්‍රිකුණාමලයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් අද 16වන දිනටත් විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටින අතර, ඊයේ දින සවස පටන් අතුරුදන්වූවන්ව සොයා දෙන ලෙසත්, ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නිසි පියවරක් ගැනීම සම්බන්‍ධයෙන් සාකච්ඡා කිරීමටත් විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ නිවස ඉදිරිපිට ඔවුන් එක්රැස්වූහ.

මෙවැනි තත්වයකදී උත්සවයකට සහභාගිවීම සඳහා පිටත්ව ගොස් සිටි සම්බන්‍ධන් මහතා රාත්‍රියේ නිවසට පැමිණීමත් සමඟ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව කැඳවා සාකච්ඡා කර තිබේ. එහිදී ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරය ගැන තමන් කිසිවක් නොදන්නා බවත්, මේ සම්බන්‍ධයෙන් පාර්ලිමෙන්තුවට අවධාරණය කර සාධනීය පිළිතුරක් ලබාදීමට පියවර ගන්නා බවට සම්බන්‍ධන් මහතා පොරොන්දුවූ බව සාකච්ඡාවට සහභාගිවූ ඥාතීන් පවසා තිබේ.

ඉකුත් සාකච්ඡාවෙන් අතුරුව ඔවුන් යළි ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර සේවා කාර්‍යාලය ඉදිරිපිට සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යමින් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top