හමුදාව සතුව තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය සෙනසුරාදා දින සිට ඉඩම් අයිතිකරුවන් විසින් දින පහක කාලයක් අඛණ්ඩව උද්ඝෝෂණයක නිරතවූහ.
අපහසුතා රැසක් මැද උද්ඝෝෂණයේ නිරතවූ එම ජනතාව හමුවීමට ඊයේ (17) දින විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ පාර්ලිමෙන්තු මන්ත්රීවරුන් වන මාවයි සේනාදිරාජා, ශ්රීදරන්, සරවනබවන්, සුමන්දිරන් ඇතුළු පළාත් සභා මන්ත්රීවරුන් ද එම ප්රදේශයට පැමිණයහ.
එහිදී කිලිනොච්චිය දිස්ත්රික්ක දිසාපති සහ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමඟ දුරකථනයෙන් අමතා සාකච්ඡා කිරීමෙන් අනතුරුව, තවත් සති දෙකකින් මේ සම්බන්ධයෙන් ඔවුන් නිසි පියවරක් ගන්නා බවට පොරොන්දුවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතා පැවැසීමෙන්, පරවිපාන්චාන් ජනතාව සිය උද්ඝෝෂණය අවසන් කර තිබේ.
විපක්ෂ නායකවරයා පැවැසූ පරිදි සති දෙකකින් තමන්ට ස්ථීර විසදුමක් නොලැබුණේ නම් යළි මෙලෙස අඛණ්ඩ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානමින් සිටින බව පරවිපාන්චාන් ජනතාව පවසා තිබේ.
Add Comment