පොලිස් අධිකාරීවරියන් අටකට උසස්වීම්

කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම උසස්වීම් ලබා දී ඇති බව සඳහන්වේ.

රාජ්‍ය බුද්ධි සේවාව, වංචා විමර්ශන කාර්යාංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූලස්ථානය, කැලණිය කොට්ඨාසය සහ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු මෙලෙස කාන්තා පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

මෙම උසස්වීම් මේ වසරේ පෙබරවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top