බැසිල්ගේ මල්වාන ඉඩමේ වෙන්දේසිය තාවකාලිකව අත්හිටුවයි..

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (20) නියෝග කර තිබේ.

එම ඉඩම බැසිල් රාජපක්ෂ මහතාට හෝ වෙනයම් අයෙකුට අයත් නොවන බව අධිකරණය ඉදිරියේ තහවුරුවීමෙන් පසු එය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අධිකරණය නියෝග කර තිබිණි.

කෙසේ නමුත් එම ඉඩම හා දේපොළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබ සිද්ධීය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති හෙයින් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top