SRILANKAN NEWS

ජනපති අද රුසියා බලා පිටත්වෙයි..

රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් කරනු ලැබූ විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (22) පෙරවරුවේ රුසියාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ සංචාරයක නිරත වන්නේ දශක හතරකට පසුව වන අතර මීට පෙර මෙලෙස රුසියාවේ සංචාරයක නිරතව ඇත්තේ 1974 වසරේදී එවකට අගමැතිණී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වීම විශේෂත්වයකි.

රුසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නිල ආරාධනයෙන් එහි පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉහළම ගෞරවයෙන් යුතුව පිළිගැනීමට රුසියානු රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.

මෙම සංචාරයේදී ආර්ථික, වෙළඳ, සංචාරක, විද්‍යාව හා තාක්ෂණික, අධ්‍යාපනික හා සංස්කෘතික යන ක්ෂේත්‍ර වලට අදාළ ද්වී පාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද දෙරට අතර අත්සන් තැබීමට නියමිතය.