SRILANKAN NEWS

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා – ඒකාබද්ධ විපක්ෂය

ඒකාබද්ධ ග්ලෝබල්_CIව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිද දමමින් වත්මන් ආණ්ඩුව විසින් නීතිවිරෝධි ලෙස සම්මත කරගන්නා ලද අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධ පනතට කථානයකවරයා විසින් අත්සන් කළහොත් එතුමාට එරෙහිව පාර්ලිමේන්තුව වෙත විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. අද (18) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළ කර සිටින ලදී.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියේ ජනතා විරෝධීව මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව වත්මන් ආණ්ඩුව විසින් ගෙන යමින් සිටින ඒකාධිපති පාලනයට එරෙහිව ඉදිරියේදී දැවැන්ත ජනතා බලවේගයක් ගොඩ නගා ආණ්ඩුවට විරෝධය පළ කරන බවයි.

මෙම අවස්ථාව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේ බලයට පත්වීමට පෙර ලිච්ඡවි පාලනයක් ගෙන යන බවට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙන ලද පොරොන්දු කඩ කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යෑමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් යන මහත්වරුන්ද එක් විය.