SRILANKAN NEWS

ශ්‍රී ලංකාව අපරාධ ක්‍රියාවලට වගවීමෙන් තොරව සිටීමේ තත්වය තවඳුරටත් පවතිනවා – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය

ශ්‍රී ලංකාව අපරාධ ක්‍රියාවලට වගවීමෙන් තොරව සටීමේ තත්වය තවඳුරටත් පවතින බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසා තිබේ. 2006 ජනවාරි මස ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිසුන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, 2006 වසරේ මූතූර් ප්‍රදේශයේ රාජ්‍ය නොවන ආයතනයක සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිවකුට දඞුවම් ලබාදී නොමැති බව එම ආයතනය පෙන්වාදී තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඉකුත් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාව එක්වී කටයුතු කිරීම අගය කළ යුතු නමුත් යුද අපරාධවලට දඞුවම් නොදීමේ තත්වය තවඳුරටත් පවතින බව පවසා තිබේ.

2015 වසරේ ජිනීවා නුවර සම්මත කළ යෝජනාවලින් ක්‍රියාත්මක කර තිබෙන්නේ නිර්දේශ කිහිපයක් පමණක් බවත්, අපරාධ ක්‍රියාවලට වගවීමේ කටයුතුවල ජාත්‍යන්තර සහභාගිත්වයෙන් යුතු ක්‍රමවේදයකට එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛන් මහතාගේ යෝජනාවට සහාය පළ කරන බවත්, එමඟින් අපක්‍ෂපාති ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකළ හැකි බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසා තිබේ.