සුනඛයින් අයාලේ යැවීමෙන් හිමිකරුට වසර දෙකක සිර දඞුවමක්, දඩය රු. 25දාහයි..

අයාලේ යන සුනඛ හිමිකරුවන්ට දැඩි දඬුවම් පැනවිය හැකි ආකාරයෙන් සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය අනුමැතිය හිමි වී ති‍බේ.

නව සංශෝධනයට අනුව සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළහැකි දඩ මුදල රුපියල් 25,000/-දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

අයාලේ යන සුනඛයන් හේතුවෙන් පොදු මහජනතාවට මුහුණදීමට සිදුව ඇති විවිධ දුෂ්කරතාවන් සලකා බලා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top