වසා දමා තිබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය යළි විවෘත කරයි..

වසා දමා තිබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය සිසුන් සඳහා යළි විවෘත කර තිබේ.

පසුගිය මාර්තු 8 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් පසු විශ්වවිද්‍යායේ ශාස්ත්‍ර පීඨයේ 02,03 සහ 04 යන වසරයන්හි සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කළ අතර, අදාළ අධ්‍යයන වසර වල අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කිරීමට විශ්වවිද්‍යාල පාලානාධිකාරිය තීරණය ගෙන තිබුණි.

ඉකුත් ගැටුමට සම්බන්ධ දෙපිරිස සමතයකට පත්වීමෙන් අනතුරුව යළි කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ජේෂඨ සිසුන් සඳහා තාවකාලිකව වසා දමා තිබූ විශ්වවිද්‍යාලය සහ නේවාසිකාගාරය ද ඊයේ පස්වරුවේ සිට විවෘත කර ඇති අතර, ලබන සඳුදා සිට විභාග පැවැත්වීමට ද පියවර ගෙන ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top